Search This Blog

Wednesday, July 22, 2015

දමයන්ති ; " කෑමොර නොදී හිටපන් පැත්තකට වෙලා කිරි දෙන්ට අම්මෙක් නෑ හෙට ඉදලා"


කෑමොර  නොදී  හිටපන්
පැත්තකට වෙලා
කිරි දෙන්ට  අම්මෙක්
නෑ  හෙට  ඉදලා"

ඇතිදැඩි  කරන්නට උඹ  හෙට  මඩමකට
දෙන  හින්දයි  නොබැලුවේ  මුව උපන් විට.
අප්පා  උඹේ  කව්දැයි මම නොදත්තට
වාවා  ගන්ට  බැරි  වෙයි  මගෙ  පුතේ  මට.

දස මස  කුස දරද්දී  ලෝකෙන් කල  නින්දා
පුරුදුයි අපිට  දැන්  ලජ්ජා  නැති  හින්දා.
ඉපදුන  හැටි නෙවෙයි මේ  වැරදුන හින්දා.
උඹවත්  හඩු  ගැහෙයි  අම්මා  මන්  හින්දා.

නොබැරි  නමුත්  උඹ ඇති දැඩි  කරන්නට
කරදඩු  උඹේ  උස්‌  වේගන  එන  දාට
තාත්තා  උඹේ  සිල්  රෙදි  ඇන්දාට
වෛර  කරයි  උඹ  අබිසරු  අම්මාට.

"කෑමොර  නොදී  හිටපන් කොළු
පැත්තකට වෙලා
කිරි දෙන්ට  අම්මෙක් ......


නෑ  උඹට හෙට  ඉදලා. "